හෙරොයින් කිලෝ 3ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔරුගොඩවත්ත ප්රදේශයේ සිදුකළ වැටලීමකින් හෙරොයින් කිලෝ 3ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ මුදලින් රුපියල් ලක්ෂ 6ක්, ATM කාඩ්පත් කිහිපයක් හා වාහනයක් ද තිබී පොලිස් භාරයට ගත් බවයි.
සැකකරු අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් බවට සැකකරන බව පොලීසිය පැවසීය.
