News

හොර පාරෙන් ගෙනආ කහ කිලෝ 205ක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට හොර පාරෙන් මෙරටට ගෙන්වූ කහ කිලෝ 205ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මන්නාරමේදි ඊයේ (23) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇත.

නොච්චියාගම සිට ලොරියකින් ගොස් කහ තොගය රැගෙන එමින් සිටියදී හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම කර ඇත.

සැකකරුවන් මන්නාරම පොලීසිය වෙත භාරදීමට නියමිතය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා