ෆේස්බුක් හරහා මැතිවරණයට මිලියන 80ක දැන්වීම්
ෆේස්බුක් සමාජ ජාලය තුළ මහ මැතිවරණය වෙනුවෙන් පෙනී සිටින දේශපාලඥයින්ගේ ප්‍රචාරණයන් සඳහා රුපියල් මිලියන 80 ට වැඩි මුදලක් (ඩොලර් 436739) වියදම්කර ඇති බව ෆේස්බුක් සමාගම වාර්තා මගින් ඉදිරිපත් කර ඇත.
පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් මගින් ඉදිරිපත් වන දේශපාලඥයින් ද මේ ආකාරයට ෆේස්බුක් තුළ දැන්වීම් පළ කර තිබේ.
ප්‍රචාරණ කටයුතු අවසන් වූ පෙරේදා (02දා) දිනය වන විට ෆේස්බුක් සමාජ ජාලය තුළ දේශපාලනඥයන්ගේ නමින් ප්‍රසිද්ධ කර තිබූ දැන්වීම් ප්‍රමාණය 26,710 ක් වෙයි.
ෆේස්බුක් සමාගම පවසන්නේ ඒ වෙනුවෙන් රුපියල් 80,796,715 ක් මුදලක් ෆේස්බුක් සමාගම වෙත ගෙවා ඇති බවයි.
මැතිවරණයට අදාළ පැය 48 ක නිහඩ කාලය මේ වනවිට ආරම්භ වී ඇති අතර මේ අවස්ථාවේදී සමාජ මාධ්‍ය හරහා විවිධාකාරයේ ප්‍රචාරණ කටයුතු සිදු කෙරෙන ආකාරය මැතිවරණය නිරීක්ෂණ සංවිධානය විසින් මැතිවරණය කොමිෂන් සභාවට ද දැනුම්දී තිබේ .
