අකුණු සැර වැදීමෙන් තිදෙනෙකු ජිවිතක්ෂයට
යාපනයේ, චුන්නාකම්, කුප්පිලාන් දකුණ ප්රදේශයේදී ඊයේ (16) දහවල් 2.30ට පමණ අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව චුන්නාකම් පොලිසිය කියයි.
පොලිසිය පැවසුවේ දුම්කොළ වගා කර ඇති වගා බිමක් ආසන්නයේ දී අකුණු සැර වැදීම සිදුව ඇති බවයි.
දහවල් ආහාරය ලබා ගැනීමට එක් පුද්ගලයෙකු වගා බිම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර, එවිට ඇඳ හැලුණු වර්ෂාව සමඟ අකුණු ගැසීම් සිදුව ඇති බවද පොලිසිය පැවසීය.
වර්ෂාවෙන් බේරීම සඳහා මෙම කාන්තාවන් දෙදෙනා හා පිරිමි පුද්ගලයා පොල් ගසක් අසල වු කුඩා පැල්පතක් වෙත ගොස් ඇති අතර, එහිදි අකුණු සැර වැදීමෙන් .
වයස අවුරුදු 48 ක් වු තිරුනාවුකරසු කන්නන්, වයස අවුරුදු 52 ක් වු කන්දසාමී මයිනාවතී හා වයස අවුරුදු 38 ක් වු රවි කුමාර් සුදා නැමැති පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය කීය.
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ මියගිය පුද්ගලයින්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා යාපනය රෝහල් මෘත ශරීරාගාරයෙ වෙත යොමු කොට ඇති බවයි.