අගමැතිගේ අලුත්ම සැලසුම
ආණ්ඩු මාරුව අනුව වෙනස් නොවන ජාතික මාර්ග පද්ධතියක් ඇති කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි.
රුපියල් මිලියන 8000ක වියදමින් සංවර්ධනය කරන ලද මාවනැල්ල ප්‍රදේශයේ මාර්ග ව්‍යාපෘති 03ක් ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් අද (17) පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
තම රජය බලයට පැමිණීමට පෙර අක්‍රමවත් ලෙස මහා මාර්ග නිර්මාණය කර තිබූ බවත් වත්මන් රජය යටතේ සැලසුම් සහගත ලෙස මාර්ග පද්ධති නිර්මාණය කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේය.
ඒ අනුව මහනුවර සිට හම්බන්තොට දක්වා දිවෙන මාර්ග පද්ධතියක් මේ වන විට ඇති කරගෙන යමින් තිබෙන බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.