අගමැති මහින්ද රාජපක්ෂ හෙට විශේෂ කතාවක් කිරීමේ සූදානමක්
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) පාර්ලිමේන්තුවේදී විශේෂ කතාවක් කිරීමට සූදානම් වන බවට වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
පාර්ලිමේන්තුව හෙට උදෑසන 10ට ආරම්භවීමට නියමිතයි.
පාර්ලිමේන්තුවේ නව සැසිය අද පෙරවරු 10ට ආරම්භ වූ අතර අග්රමාත්ය මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරුන් විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන එනු ලැබුවා.
එහිදී කතානායකවරයා ප්රකාශ කළේ බහුතර කැමැත්ත මත ස්ථාවර නියෝග අත්හිටුවා ඇති අතර විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජන්ද විමසීම සිදු කරන බවයි.
උණුසුම්කාරී තත්ත්වය අතරතුර කතානායකවරයා සඳහන් කළේ තමන්ට පෙනෙන මානයේ දර්ශණය වන තත්ත්වය සහ හඩ අනුව විශ්වාසභංග යෝජනාව බහුතර ජන්දයෙන් සම්මත වූ බවයි.
පැවති දැඩි උණුසුම්කාරී තත්ත්වය අනුව පෙරවරු 10යි 30ට පමණ සභාවේ කටයුතු හෙට (15) පෙරවරු 10 දක්වා කල් තබන බවයි කතානායක කරූ ජයසූරිය කියා සිටියේ.