අගමැති මහින්ද ලබන 19 වැනිදා ඩකා නුවරට
අගමැති මහින්ද රාජපක්ෂ බංග්ලාදේශයේ 50 වන නිදහස් සංවත්සර සැමරුමට සහභාගිවීම සඳහා ලබන 19 වැනිදා ඩකා නුවර බලා පිටත්ව යෑමට නියමිතය. අගමැතිවරයා අවසන් වරට විදෙස් සංචාරයකට සහභාගි වූයේ 2020 පෙබරවාරි මාසයේදීය. එවර සිදුකළ ඉන්දීය සංචාරයෙන් අනතුරව ගෝලීය කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අගමැතිවරයාගේ සියලු විදෙස් සංචාර අත්හිටුවනු ලැබීය.
අගමැති මාධ්‍ය ඒකක සඳහන් කරන ආකාරයට අගමැතිවරයා මාර්තු 19 වැනිදා පෙරවරු 10.30ට බංග්ලාදේශයේ ඩකා නුවරට ළඟාවීමට නියමිත අතර දින දෙකක කාලයක් එරට රැඳී සිටිමින් නිදහස් සැමරුමට සහභාගි වනු ඇත. ශ්‍රී ලංකා අගමැතිවරයාට අමතරව මාලදිවයින් ජනාධිපති මොහොමඩ් සොලිෆ්, නේපාල ජනපති බිදියා දේවි බන්දාරි, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, භූතාන අගමැති ලෝටේ ෂෙරිං මෙම උත්සවයට සහභාගි වන බව බංග්ලාදේශ විදේශ ඇමැති ආචාර්ය ඒ.කේ. අබ්දුල් මෝමන් ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
බංග්ලාදේශ 50 වැනි නිදහස් සැමරුම මාර්තු 17 වැනිදා සිට 26 වැනිදා දක්වා දින 10ක දැවැන්ත ඉසව්වක් ලෙස සංවිධානය කර ඇත. මෙම සංචාරය අතරතුර අගමැති මහින්ද රාජපක්ෂ ආරාධිත අනෙකුත් රාජ්‍ය නායකයන් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
නයන තරංග ගමගේ