News

අගමැති රනිල් සැප්තැම්බර් 02 මාලදිවයිනට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සැප්තැම්බර් මස 02 වැනිදා නිල සංචාරයක් සදහා මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුවයි.

මෙම සංචාරයේදී දෙරටේ ද්වීපාර්ශවීය සබදතා පිළිබදව සහ දෙරටට බලපාන කලාපීය සහ ගෝලීය කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.