News

අගමැති විසින් ඉදිරිපත් කර ඇති ජාතික ආණ්ඩු යෝජනාව පරාජය කළ යුතුයි – අනුර

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති ජාතික ආණ්ඩු යෝජනාව පරාජය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඊයේ(07) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අනුර දිසානායක මහතා මේ බව සඳහන් කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද විසඳා ගැනීම සඳහාත් ජනතා දේපල, ජනතා මුදල් මතින් වරදාන වරප්‍රසාද භුක්ති විඳීම සඳහා නඩයක් පත්කරගැනීමක් බවත් එය පරාජය කළ යුතු බවත් අනුර දිසානායක මහතා අවධාරණය කර ඇත.

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ හැර අනෙකුත් සියළුම පක්ෂ මෙම ජාතික ආණ්ඩු යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබියදීත් එම යෝජනාව ඊයේ (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළද එල්ලවූ විරෝධතා හමුවේ මේ වනවිට එය අකුළාගැනීමට ආණ්ඩුවට සිදුවූ බවත් එය ඉදිරියේදී ගෙනඑන්නේනම් පරාජයට පත් කිරීමට අදාළ අරගලය දියත් කරන බවත් අනුර දිසානායක මහතා සඳහන් කළේය.