News

අතුරුදහන් වූ ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පවුල් වලට විපක්ෂනායකගෙන් පොරොන්දුවක්

රත්ගම බූස්ස ව්‍යාපාරිකයන් දෙදෙනා අතුරුදහන් වීම පිළිබඳ සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා එම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

එම තරුණයන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් ඊයේ (25දා)විපක්ෂනායකවරයා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර ඇති අතර මෙම අතුරුදන්වීමට සම්බන්ධ සියල්ලන්ටම නීතියෙන් දඬුවම් ලබා දී තම පවුල් වෙත සාධාරණයක් ඉටුකරන ලෙස ඥාතීන් විපක්ෂනායකවරයාගෙන් ඉල්ලා සිටි බව විපක්ෂනායක මාධ්‍ය ඒකකය සඳහන් කරයි.