News

අදත් දැඩි උණුසුම් කාලගුණයක්

කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, කොළඹ, ගම්පහ, මන්නාරම, වවුනියාව, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවලට අද දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ පිළිබඳව එම දිස්ත්‍රික්කවල ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර
උණුසුම් කාලගුණය පවතින අවස්ථාවල වැඩිපුර ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල විවේක ගැනීම, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් භාවිත කිරීම මෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.