අදත් ප්‍රදේශ රැසකට මහ වැසි
බස්නාහිර, සබගරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රත්නපුර, කෑගල්ල, කළුතර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
ගල් පෙරලීමෙන් අවදානමක් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රදේශයෙන් පුද්ගලයින් 88 ක් ඉවත් කර ඇති බවත් පවතින වර්ෂාවත් සමග කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර ඇති බවත් සඳහන් කළේය.
