අදානි බටහිරට තුතිපුදයි
කොළඹ වරායේ බටහිර පර්යන්තය ගොඩනැගීම සඳහා තමන්ට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය අදානි සමාගමේ හිමිකරු ලංකා රජයට ස්තුතිය පළකර තිබේ.
සමාගමේ හිමිකරු වන ගෞතම් අදානි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේබව සඳහන් කර ඇත. එහි සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රජයට, වරාය අධිකාරියට සහ ජෝන් කීල්ස් සමාගමට කෘතවේදීත්වය පිරිනමන බවයි.
එසේම මෙම හවුල් ව්‍යාපාරය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ඓතිහාසික අන්‍යෝන්‍ය සබඳතාවයේ සංඛේතයක් බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.
මේ අතර කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර ඇත්තේ කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51%ක ආයෝජනය සඳහා ඇරයුම් කර තිබෙන බවය.
එසේම ඉතිරි 49% සඳහා වරාය අධිකාරිය හා දේශීය ආයෝජකයන්ට අවස්ථාව ඇති බවත් සඳහන් කරයි.
කෙසේ නමුත් අදානී පෝට්ස් ඇන්ඩ් ලොජිස්ටික්ස් සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන් වන්නේ තම සමාගම ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග එක්ව ඉදිකර ක්‍රියාත්මක කර පවරා දීමේ පදනම මත වසර 35ක කාලයක් කොළඹ වරාය බටහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීමට සුදානම් බවයි.