News

අද අළුයම තලවකැලේ කඩ තුනක් ගිනි ගනී

තලවාකැලේ නගරයේ පිහිටි මිරිස් මෝලක් අද අළුයම 02.10ට පමණ හදිසියේම ගිනිගෙන ඇත. නුවරඑළිය පොලිසියට ලද තොරතුරක් මත නුවරඑලිය ගිනි නිවීමේ ඒකකය, විදුලි බල මණ්ඩලය හා ප්‍රදේශවාසීන් එකතුව එම ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නෙන් තවත් කඩ දෙකකට අලාභ හානි සිදුවී ඇති බව වාර්තා වේ. එම ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.

තලවකැලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.