පාර්ලිමේන්තු සැසියට සහභාගි වීම හෝ නොවීම අද තීරණය කරනවා
අද (19) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි වන්නේද, නැද්ද යන්න පිළිබදව අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය ගැනීමට නියමිත බව බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඊයේ (18) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසුවේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය දැන් පාර්ලිමේන්තුවේ නොමැති බවයි.
ඊට හේතුව, පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිම දවසක සිදු නොවූ ආකාරයට කථානායකවරයා විශ්වාසභංග යෝජනාව සම්මත කරගත් බවද ඔහු පවසා සිටියා.
එමෙන්ම කථානායකවරයා පාර්ලිමේන්තුවට ඇතුළු විය යුත්තේ ගෞරවයෙන් බවත්, සභාවේ කටයුතු සිදුකළ යුත්තේ සෙංකෝලය ඉදිරියේ තිබෙන විට බවත් පැවසූ බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී එවැනි කිසිවක් සිදු නොවූ බවද වැඩිදුරටත් සදහන් කළා.