News

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 2 කින් ඉහළට

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 2 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් තම සංගමය මෙම තීරණයට එළඹි ඇති බව
එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5.50කින් වැඩි කරන ලෙස ප්‍රී‍්‍රමා සමාගම තමන්ට දැනුම් දුන් බව අලෙවි නියෝජිතයන් ප්‍රකාශ කළේය.