අද රාත්‍රියේ සිට වැසි තත්ත්වය වැඩිවෙයි
අද රාත්‍රියේ සිට දිවයිනේ පළාත් කිහිපයකයට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන් උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර හම්බන්තොට සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
