News

අද සහ හෙට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

අද සහ හෙට දිනයන්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුර, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පලාත්වල විටන් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිරපළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව දන්වන කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුවවස අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.