අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණ දෙකක්
බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණ දෙකක් පැවැත්වෙමින් තිබේ.
මේ හේතුවෙන් පැලවත්ත බත්තරමුල්ල මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද පවතින බව පොලීසිය පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු සංගම් දෙකක් මෙම උද්ඝෝෂණය ආරම්භ කර ඇත.
ආණ්ඩුවට පක්ෂව සහ විපක්ෂව කණ්ඩායම් දෙකක් මෙලෙස විරෝධතාවයේ නිරතව සිටියි.
පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ උද්ඝෝෂකයින් විසින් විදුහල්පති පත්වීම්, නියමිත සුදුසුකම්මත පත්වීම් ලබාදීම සහ අධ්‍යාපන සේවා දේශපාලනය නොකර ගන්නා ලෙසට විවිධ සටන් පාඨ සහිත පුවරු අතැතිව උද්ඝෝෂණයේ නිරතව සිටියි.
රජයට ශක්තියක් වෙමින් එක නැගිටිමු, සැවොම එක්වෙමු යන සටහන් පාඨ සහිත සටන් පුවරු සහිතව ගුරු විදුහල්පති සේවා සංගමය විරෝධතාවයේ නියැලී සිටියි.