අධිකාරියේ නිවාසවලින් 20% ක් හිස්
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඉදිකර අවසන් නිවාසවලින් සියයට විස්සක කිසිවකු පදිංචි වී නොමැති බවත්, නිවාස සුදුසුස්සන්ට ලබා නොදී දේශපාලන හිතවතුන්ට ලබා දීම නිසා මෙම තත්ත්වය උදා වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාතික නිවාස අධිකාරිය ඉදිකළ ගම්මාන 171 කින් සිදු කර ඇති සමීක්ෂණයෙන් හෙළිව ඇත්තේ ඉදිකළ නිවාස 4910 න් නිවාස 885 ක මිනිසුන් පදිංචි වී නොමැති බවයි.
එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් හම්බන්තොට විවෘත කළ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ගමේ නිවාස 70 න් මිනිසුන් පදිංචි වී සිටින්නේ නිවාස 06 ක පමණක් බව මන්ත්‍රීවරයා පැවසීය.
මධුභාෂණ හේරත්
