අධික වේගයෙන් ධාවනය වු බවුසරයක් ප්රපාතයකට පෙරලෙයි
වේයන්ගොඩ සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වු බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලි අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
අද(23) උදැසන 6 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්රධාන මාර්ගයේ නොර්වුඩ් ග්ලැන්කන් ප්රදේශයේදිය.
බගවන්තලාව ප්රදේශයේ සිට වේයන්ගොඩ ප්රදේශයට දියර කිරි රැගෙන යාම සදහා බවුසර් රථය ධාවනය කරන අවස්තාවේ බවුසරය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් බවුසරයේ රියදුරුට කිසිදු අනතුරක් සිදු වි නොමැති බවත්අනතුරෙන් බවුසරයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.
අධික වේගය අනතුරට හේතුව වි ඇති බව ද පොලිසිය පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ