අන්තර් දිස්ත්‍රික් කබඩි තරඟාවලිය වවුනියාවේදී පවත්වයි
අන්තර් දිස්ත්‍රික් කබඩි තරඟාවලිය අද(25) වවුනියාව ඉරට්ටපෙරියකුලම ගෘහස්ත කබඩි ක්‍රීඩාංගනයේදී ආරම්භ කරනු ලැබීය. ජාතික කබඩි සම්මේලනය හා අන්තර් දිස්ත්‍රික් කබඩි සම්මේලනයේ සම්බන්ධීකරණයෙන් යුතුව දිස්ත්‍රික් කබඩි කණ්ඩායම් 33 ක සහභාගීත්වයෙන් තරඟාවලිය පැවැත්වීම සංවිධානය කොට තිබිණ.
වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,වවුනියාව දිස්ත්‍රික් කබඩි සංගමය එක්ව තරඟාවලියේ කටයුතු සිදුකරනු ලබයි.
පිරිමි කණ්ඩායම් 20 ක් හා කාන්තා කණ්ඩායම් 13 ක් තරඟාවලියට සහභාගි වි සිටි අතර දිවයිනේ සියළුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟාවලියට එක්ව සිටියහ.
තරඟාවලිය අද (25) හා හෙට (26) දිනයන්හිදි පැවැත්වීමට නියමිත අතර,තරඟාවලිය තුළින් එළැඹෙන දකුණු ආසියානු තරඟාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමට නියමිත බව කබඩි සම්මේලනයේ නිළධාරීන් පැවසූහ.