අන්තවාදී ක්රියා වලට සම්බන්ධ පුද්ගලයෙකු දින 30ක් රදවාගෙන ප්රශ්න කිරීමට අවසර
ඉස්ලාම් අන්තවාදී ක්රියා වලට සම්බන්ධ සංයුක්ත තැටි ළඟ තබාගෙන සිටි වරාය අධිකාරියේ කම්කරුවෙකු දින 30ක් රදවාගෙන ප්රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් වෙරළබඩ පොලීසියට අවසර ලබා දී ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ රුපියල් ලක්ෂ 10ක චෙක්පතක් තිබී ඇති බව වාර්තා වන අතර පසුගිය මාස කිහිපය තුළ සැකකරුගේ බැංකු ගිණුම හරහා විශාල මුදල් ප්රමාණයක් හුවමාරු වී ඇති බව ද පොලීසිය අද අධිකරණයට දැනුම් දී ඇත.