News

අනික් රටවල් අපි දිහා බලාගෙන උඩට ගියා – පොලිස්පති

ලොව සෙසු රටවල් සංවර්ධනය වන විට ශ්‍රී ලංකාව සිටින්නේ කුමන ස්ථානයේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා.

ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් පොලිස්පතිවරයා සදහන් කළේ නව අත්හදා බැලීම් සිදු කරමින් ශ්‍රී ලංකාව දියුණු විය යුතු බවයි.

සිංප්පූරුව , මැලේසීයාව වැනි රටවල් ශ්‍රී ලංකාව දෙස බලා ඉදිරියට ගිය බවත් නමත් ලංකාව තිබු තැනම පවතින බවත් පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා,

අපි අලුත් නිර්මාණයන් අදට ඉදිරිපත් කළ යුතුයි. ඒ තරම් ශක්තියක් අපිට තියෙනවා. අනික් රටවල් අපි දිහා බලාගෙන උඩට ගියා. සිංගප්පූරුව මැලේසියාව. ජපානයට කඩා වැටුණා හිරෝෂිම නාගසාකි බෝම්බයෙන්. අදත් අද ගොලු බීරි අයත් ඉන්නවා. ස්වාභාවික විපත් එමටයි. එක ජපනෙක්වත් තමන්ගේ ජීවිතය අතහරින්නේ නැහැ. එන්න එන්න අලුත් නිර්මාණ කරනවා. අපි කොහෙද ? අපිට වැඩි එක ඩොලර් එකයි ඒකාලේ ජපානයේ උඩින් තිබුනේ. අද කොහෙද ? එගොල්ලෝ දිව්‍යලෝකේ. අපි අපායේ.