News

අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන්

පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන මගින් සංවිධානය කරන අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව අද (14) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම සමුළුවේදී දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදී සිටින පරිසර ගැටලු පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදෙන වන අලි ගැටලුව සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.

මේ අතර මෙරට ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇති කසළ කළමනාකරණය ජල ප්‍රභවයන් ආරක්ෂා කර ගැනීම වන සංරක්ෂණය යන කරුණු පිළිබඳව ද පුළුල් අවධානයක් මෙහිදී යොමු කිරීමට නියමිතව තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට පළතුරු පැළ බෙදාදීම සහ පළතුරු වගා ව්‍යාපෘති සඳහා මූල්‍යාධාර ලබාදීම දිස්ත්‍රික්කයේ මී පැළ දහසක් සිටුවීමේ ව්‍යාපෘතියකට මූල්‍යාධාර ලබාදීම, පූජා නගරයේ අවිධිමත් කසළ කළමනාකරණය වැළැක්වීමේ නව ව්‍යාපෘතියකට ප්‍රතිපාදන ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් අද ජනාධිපතිතුමාගේ ප්‍රධනත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබෙනවා.