News

අභියාචනාධිකරණය වෙලේ සුදාගේ මරණීය දණ්ඩනය ස්ථිර කරයි

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය අද(05) අභියාචනාධිකරණය විසින් ස්ථිර කර ඇති බව සඳහන් වෙයි.

ඔහු ලැබූ දඬුවමට එරෙහිව වෙළේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් දීපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුවලබා දී ඇති අතර 2008 වසරේ ගල්කිස්ස ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7.05 ක් සන්තකයේ තබාගෙන මේ චෝදනාවට වරදකරු කෙරෙන වෙලේ සුදා නමැත්තාට කොළඹ මහාධිකරණය මඟින් 2015 වසරේදී මරණීය දණ්ඩනය පනවනු ලෑබුවේය.