News

අමීර් ඛාන්ට කොවිඩ්

ඉන්දීය සුපිරි නළු අමීර් ඛාන්ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ආසාදිත බව තහවුරුවීමෙන් අනතුරුව මුම්බායි හි පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව වාර්තා වේ.

අමීර් ඛාන්ගේ සමීපතමයින් ද මේ වන විට පරීක්ෂාවට ලක් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.