News

අරාධනාවක් ලැබුණොත් ජනපතිවරණයට තරඟ කරනවා – තිස්ස

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දි තමන්ට පොදු අපේක්ෂකයෙක් ලෙස තරග කිරිමට අරාධනාවක් ලැබුණහොත් එය භාරගන්නා බව පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ සමහර පුද්ගලයින් අද වන විට දේශපාලන න්‍යාය පත්‍රය පැත්තකින් තබා පෞද්ගලික අදහස් මත ක්‍රියා කිරීම විශාල අඩුපාඩුවක් වන බව ඒ මහතා කුරුණෑගල පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් කියා සිටියේය.

පොදු අපේක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමට තමාට ඕනෑ තරම් අත්ඇකීම් ඇති බවත් ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් කුමක් කළ යුතු ද යන්න පිළිබඳව තමාට හැඟීම් ඇති බවත් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.