News

ජාත්‍යන්තර පාසලේ පොත් ගබඩාවට සීල් තියයි

ජාත්‍යන්තර පාසලේ පොත් ගබඩාවට සීල් තියයි

වැල්ලවත්ත ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ගබඩාවක තිබී “අල්කුරආන්” පොත් 15000 ක තොගයක් සොයාගෙන තිබෙන බව වැල්ලවත්ත පොලීසිය කියයි.

පොත් තොගයක් සඟවා ඇති බවට වැල්ලවත්ත පොලීසියට ලද තොරතුරක් මත එම ගබඩාව පරික්ෂා කර අනතුරුව එම පොත් තොගය සොයාගෙන තිබෙන බව සඳහන් ය.

පොත්වල අන්තර්ගතය සම්බන්ධයෙන් සොයාබැලීමට පොත් කිහිපයක් පොලීසිය ලබාගෙන තිබෙන අතර එම ගබඩාවට මුද්‍රා තැබූ බව වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජෙමාන්න මහතා සඳහන් කර තිබේ.