අලුත් වැඩියාවක් නිසා හවස 4 වෙනකම් කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නැහැ
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 4 දක්වා ජල සැපයුම් අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන එන ප්‍රධාන නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවීමට සිදුව තිබෙනවා.
ඒ අනුව දෙහිවල – ගල්කිස්ස, රත්මලාන, කොළඹ 06, සොයිසාපුර, මුල්ලේරියාව හා පැලවත්ත යන ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටුවනු ඇති.
එමෙන්ම ඉහත කාලසීමාව තුළ කොළඹ 04 සහ 05 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයෙන බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.