අලුතින් ගෙනා එන්නත් ලක්ෂ 5ම පිට පළාත්වලට
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉන්දියාවේ සීරම් ආයතනයෙන් මිලදී ගත් කොවිඩ් එන්නත් ලක්ෂ පහ කොවිඩ් රෝගීන් වැඩිපුර වාර්තා වන දිස්ත්‍රික්කවලට බෙදාහැරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
එම එන්නත් කළුතර, මහනුවර, කුරුණෑගල, ගාල්ල යන දිස්ත්‍රික්ක ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක වයස අවුරුදු 30 ඉක්මවූවන්ට ලබාදීමට නියමිතය. මේ සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් සකස් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය, කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එන්නත් ලක්ෂ දහයක් ආනයනය කරන අතර එහි පළමු තොගය ඊයේ (25 වැනිදා) ශ්‍රී ලංකාවට ලැබුණි. එන්නත් ගෙන්වීම සඳහා ඇමැති මණ්ඩලය පසුගිය සඳුදා අනුමැතිය ලබාදුන් අතර ඊට වැය වන මුදල රුපියල් මිලියන 10,500ක් වෙයි.
මෙම එන්නත්කරණයේදී වෙබ් අඩවි ඔස්සේ ලියාපදිංචි කිරීමක් නොකරන අතර ඡන්ද හිමි නාමලේඛනයේ නම් තිබෙන පුද්ගලයන්ට එන්නත ලබාදීමට නියමිත බවද රාජ්‍ය ඇමැතිවරිය කියා සිටියාය. එන්නත් ලබාගැනීමට පැමිණෙන ජනතාව මුව ආවරණ පැලැඳ, මීටරයේ දුරෙන් සිටිය යුතු බවද ඇය සඳහන් කළාය. ග්‍රාමනිලධාරීන් සහ පොලිසියේද සහයෝගය මේ සඳහා ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
උදයජීව ඒකනායක