අවිආයුධ සමඟ මිනුවන්ගොඩ ප්‍රා.සභා මන්ත්‍රී ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට
දකුණේ පාතාලයට අවිආයුධ රැස් කිරිමේ චෝදනාවට මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කැලුම් ක්‍රිශාන්ත සහ පාතාල කණ්ඩායම් වලට අවි රැස්කල දෙදෙනකු ස්පාඤ්ඤයේ නිෂ්පාදනය කල මිලීමීටර් 7.65 වර්ගයේ පිස්තෝලයක් ඇතුළු අවිආයුධ සමග ගම්පහ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
බන්ධනාගාරයේ සිටින පාතාල කල්ලි සමග එක්වි අවිආයුධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන මන්ත්‍රී වරයෙකු ගැන ගම්පහ පොලිසියේ පොලිස් පරික්ෂක කැලුම් සංගීත් මහතාට ලද තොරතුරක් මත මන්ත්‍රී වරයාගේ නිවස පරික්ෂා කිරිමේදී පිස්තෝලය ,උණ්ඩ හයක්,හා අත්බෝම්බ අනුරැවක් සොයා ගෙන ඇත .
දකුණේ පාතාල නායක පොඩි ලැසී ගේ කල්ලියට අවිආයුධ එක් රැස් කිරීම සදහා බන්ධනාගාර ගතව සිටින කෙසෙල්බද්දර වසන්ත නමැති පාතාල කල්ලි නායකයා විසින් රැපියල් ලක්ෂ එකොලහමාරක් මෙම මන්ත්‍රී වරයාගේ ගිණුමට දමා ඇතැයි විමර්ශන වලදී හෙලිවී ඇත.මෙම මන්ත්‍රී වරයාගේ ගිණුමට එකම දිනයක අවස්ථා පහකදී මෙම ලක්ෂ එකොලහමාර දමා ඇතැයි විමර්ශන වල දී හෙලිවී ඇත .කෙසෙල්බද්දර වසන්ත ගේ උපදෙස් මත පොඩි ලැසීගේ කල්ලියට අවිආයුධ රැස් කිරිමේ කාර්යය සදහා මෙම මන්ත්‍රී වරයා විසින් බ්ංගිරියේ බණ්ඩාර හා අසංක යන දෙදෙනා යොදා ගෙන ඇතැයි හෙලිවී ඇත .
ගම්පහ ජෙය්ෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල,පොලිස් අධිකාරි සේනාපති සිල්වා ,යන නිලධාරින් ගේ මෙහෙයවිමේන් ගම්පහ මුලස්ථාන පොලිස් පරික්ෂක ලක්ෂ්මන් බණ්ඩාර ,පොලිස් පරික්ෂක කැලුම් සංගිත්,උප පොලිස් පරික්ෂක ආරියවංශ උප පොලිස් පරික්ෂක අමරසිංහ පොලිස් සැරයන් සුනිල්(4645)කොස්තාපල් වරුන් වන නිශාන්ත ,පැතුම් (91217),දිසානායක (14570)යන නිලධාරින් විමර්ශන මෙහෙයවයි