අවුරුදු 6ක දැරියකගේ යටකළිසමේ හෙරොයින් පැකට් 8ක්
අම්බලන්ගොඩ මුහුදු වෙරළ තීරයේ නවතා තිබූ සැකකටයුතු ත්‍රිරෝද රථයක් පොලීසිය විසින් පරීක්ෂා කිරීමේදී එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දැරිවියක් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 365ක් සොයාගෙන තිබෙනවා.
අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මතයි ඊයේ පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
අත්අඩංගුවට ගත් එක් කාන්තාවකගේ වයස අවුරුදු 38ක් වන අතර ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 160ක් සහ හෙරොයින් ජාවාරම සදහා යොදාගත් රුපියල් 422,600ක මුදලක් සොයාගෙන තිබෙනවා.
මෙම සැකකාරියගේ බිනිබිරියක් වන වයස අවුරුදු 06ක් වන කුඩා දැරියකගේ යටකලිසමෙහි සගවන ලද කුඩා පැකට් 08ක අඩංගු හෙරොයින් මිලිග්‍රෑම් 95ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
තවද එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් ඉහත සැකකාරියගේ සහෝදරියක් වන වයස අවුරුදු 40ක් වන කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 110ක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් ජාවාරම සදහා යොදාත් ත්‍රිරෝද රථය සහ රියදුරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.