අශ්වයා ගිය පසු ඉස්තාලය වැසෙයි – අනතුර සිදුවූ තැන වැටක්
පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මරණයට පත්වූ ස්ථානයේ යකඩ බට යොදා ගනිමින් ආරක්ෂිත වැටක් ඉදිකිරීමට පියවර ගෙන තිබේ.
මාර්ගය අනතුරු දායක බව පැවසෙන මාර්ග පුවරුද සවි කිරීමට සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. මීට අමතරව මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවල වේගය පාලනය කිරීම සදහා මාර්ගය හරහා මාර්ග බාධක (බම්පර්) දීමටද කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගය අවහිර වන ලෙස තිබූ දැවැන්ත ගල් පර්වතය තවමත් ඉවත්කර නොමැත. රියදුරන් පෙන්වා දෙන්නේ එම මාර්ගයේ එවැනි අනතුරු දායක ස්ථාන රැසක් පවතින බවය.