News

අශෝක් අබේසිංහ CIDයෙන් පිටව යයි

සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා රහස් පෙලීසිය හමුවේ පැය 5ක කාලයක් ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

අද පෙරවරු 9.30ට පමණ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අශෝක අබේසිංහ මහතා පස්වරු 2.30ට පමණ එම ස්ථානය ගොස් තිබේ.

අශෝක් අබේසිංහ මහතාව එම ස්ථානයට පැමිණියේ සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස මහතාගේ වාහනයෙනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට මීට දින කිහිපයකට පෙර පැවැති උත්සව සභාවක් අමතමින් ඔහු විසින් ප්‍රකාශ කර තිබිණි.