News

අසාද් සාලිගේ ප්‍රකාශයට ත්‍රෛනිකායික භික්ෂු එකමුතුවෙන් පැමිණිල්ලක්

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පසුගිය දිනෙක සිදුකළ ප්‍රකාශයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලමින් ත්‍රෛනිකායික භික්ෂු එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අද (12) පැමිණිල්ල භාරදී තිබේ. ඒ අසාද් සාලි මහතා සිදුකළ ප්‍රකාශය තුලින් ජාතීන් අතර අසමගිය වර්ධයන කරන බව සඳහන් කරමිනි.

ත්‍රෛනිකායික භික්ෂු එකමුතුවේ, පූජ්‍ය පස්සරමුල්ලේ පඤ්ඤාජෝති හිමි ,

“එක අවස්ථාවක දී නෙමෙයි අවස්ථා ගණනාවක දීම අසාද් සාලි මහතා ප්‍රකාශයට පත්කළා මේ රටේ නීතිය ඒ අය පිළිගන්නේ නෑ කියලා. මේක වෙනත් හාමුදුරුවෝ කෙනෙක් හෝ වෙනත් සංවිධානයකින් කිව්වා නම් මේ වෙනකොටත් හිරේ දාලා ඉවරයි. නමුත් අන්තවාදී පිරිසට මේ රටේ නිදහසේ නීතියට අභියෝග කරමින් මේ රටේ කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව ලබාදීම කණගාටුවට කරුණක්. “