ආතාවුද හා ඒකනායක සජිත්ගේ සහයට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් මෙන්ම හිටපු අමාත්‍යවරයෙක් වෙන ආතාවුද සෙනෙවිරත්න මහතා හා එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ඩබ්.බී. ඒකනායක මහතා ඉදිරි ජනපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත.
ඒ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදී මේ වනවිට විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේය.
