ආපදාවන්ගෙන් කැඩුණු වැව් යුධ හමුදාවෙන් හදයි
උතුරු පළාතට බලපා ඇති ආපදා තත්වය හමුවේ කැඩී ගිය ලොකු කුඩා වැව් රැසක් ප්රතිසංස්කරණය කිරීම යුධ හමුදා නිළධාරීන් විසින් ආරම්භ කොට ඇත.
කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්රික්කයේ කැඩි ගිය වැව් රැසක් මේ වන විට මුලතිව් හා කිලිනොච්චිය යුධ හමුදා නිළධාරීන් විසින් මේ වන නැවත සකස් කරමින් සිටිති. මුලතිව් පුදුකුඩිඉරිප්පු මරුදමඩු වැවේ වාන කැඩීයාමේ අවධානමක් මතුව තිබු අතර,යුධ හමුදා නිළධාරීන් මැදිහත්වි වැලි කොට්ට යොදා වැව් බැම්ම හා වාන ආරක්ෂා කිරීමට කටයුතු කොට තිබිණ.
කිලිනොච්චිය ප්රදේශයේදීද කැඩි ගිය වැව් රැසක් නැවත ප්රතිසංස්කරණය කිරීමද යුධ හමුදා නිළධාරීන් මේ වන විට සිදුකරති.
වවුනියාව – මාධව කුලසූරිය