ඇප බැන්ද සැම අද කොමිසමට
ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති සියලුම අපේක්ෂකයන් අද (16 වැනිදා) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා ඇත.
ඇප මුදල් තැන්පත් කිරීම අද (6 වැනිදා) පෙ.ව. 12.00ට අවසන් වීමෙන් පසු අපේක්ෂකයා හෝ පිළිගත් දේශපාලන පක්ෂයක නම් එහි ලේකම්වරයා මෙලෙස කැඳවන බව කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය පවසයි.
නාමයෝජනා භාර ගන්නා හෙට (07 වැනිදා) දින නාමයෝජනා පත්ර පිරවීම, ඇතුළු සියලු කරුණු පිළිබඳව අපේක්ෂකයන් දැනුවත් කිරීම මෙහි අරමුණ වෙයි. නාමයෝජනා භාර ගැනීම හෙට (07 වැනිදා) පෙරවරු 9.00ට ආරම්භ වී පෙ.ව. 11.00ට අවසන් වෙයි. නාම යෝජනා භාර දුන් අවස්ථාවේ සිට පෙ.ව. 11.30 දක්වා විරෝධතා ගොනු කිරීමට අවස්ථාව උදාවන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
