ඇමතිකම එපා කියූ වසන්ත කැබිනට් රැස්වීමට යයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වුන අමාත්‍ය මණ්ඩල රැස්වීම සදහා වසන්ත සේනානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද සහභාගි වී තිබෙනවා.
“බහුතරය ආණ්ඩුවට නෑ. බහුතරය ඉන්නෙ එ.ජා.පෙ පැත්තේ. ඉතිං මං මේ පැත්තට ආවා” යනුවෙන් පාර්ලිමේන්තුවේදී පවසමින් පසුගිය නොවැම්බර් 14 වැනිදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිට යළි ඔහු විපක්ෂයට එක් වුණා.
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව නව ආණ්ඩුවට යටතේ පසුගිය ඔක්තෝබර් 29 වැනිදා වසන්ත සේනානායක සංචාරක හා වනජීවී අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත්කරන අවස්ථාව වන විට වසන්ත සේනානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිටියේ විදේශ ගතව සිටි අතර ඔහු ඔක්තෝබර් 28 වැනිදා කටුනායකට ළගා වූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ “ජනපතිට සහාය දක්වනවා” යනුවෙනුයි.
ඔක්තෝබර් 28 වැනි දින කටුනායක සිට අරලියගහ මන්දිරයට ගොස් මාධ්‍ය වෙත කියා සිටියේ “මං එ.ජා.ප පාක්ෂියෙක් දිගටම” යනුවෙනුයි.
ජනපති විසින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරීමෙන් අනතුරුව වසන්ත සේනානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද එක්සත් ජාතික පක්ෂය අතහැර දමා ආණ්ඩු පක්ෂයට එක්වෙමින් පසුගිය ඔක්තෝබර් 29 වැනිදා කැබිනට් අමාත්‍ය ධූරයක දිවුරුම් දෙනු ලැබුවා.
නමුත් මේ වන විට වසන්ත සේනානායක මහතා අමාත්‍යවරයෙකු ලෙස ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් අද පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වීම විශේෂ සිදුවීමක් බවට පත්ව තිබෙනවා.