News

ඇමති ගාමිණී ජනපති කොමිසමට

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවට පැමිණ ඇත.

මහපොළ භාරකාර මණ්ඩලයේ සිදුවු මූල්‍ය වංචාවකට අදාළව සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අමාත්‍යවරයා අද පෙරවරුවේ කොමිසම හමුවට ඉදිරිපත් වූ බව වාර්තා වෙයි.

අමාත්‍යවරයා විසින් විමර්ශනයට අදාල ලිපි ලේඛන ඉදිරිපත් කිරීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසකොමිසම වෙතින් ඉල්ලීමක් සිදු කර ඇති අතර ඒ අනුව නැවත ලබන 17 වනදා අදාල ලේඛන ද සමඟ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට දැනුම් දී ඇත.