ඇමති රිෂාඩ් බදියුදීන් FCIDයට
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බවට වාර්තා වෙයි.
අද පෙරවරු 10.00 ට පමණ ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කල අතර 2014 / 2015 කාල සීමාව තුළ ලක් සතොස ආයතනයට සහල් මෙට්‍රිල් ටොන් 257,000 ක් ආනයනය කිරීමේදී සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අද දින මෙලෙස FCID ය හමුවට කැඳවා ඇත.