ඇමති සජිත් ජනපති කොමිසමේ පොලිස් ඒකකයට
නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මීට ස්වල්ප මොහොතකට පෙර රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන වංචා හා දූෂණ ගැන සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ඇත.
ජනාධිපති පරීක්ෂණ කොමිසම කොමිසමේ පොලිස් ඒකකය හමුවේ අද (23)පෙනී සිට ප‍්‍රකාශයක් ලබා දෙන්නැයි එම කොමිසම අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට නොතීසි නිකුත් කරනු ලැබ තිබූ අතර ඒ අනුව අද (23) පෙරවරු 9.40ට කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ඇත.
ප්‍රේමදාස මහතා පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ ලබා දීමෙන් පසුව කොමිසමේ හමුවේ සාක්කි ලබාදීමට නියමිතව ඇත.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකාර සහාකාර තනතුරු සඳහා අවිධිමත් ආකරයෙන් සේවකයින් පිරිසක් බඳවා ගෙන ඇතැයි සඳහන් කරමින් එම අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය විසින් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබිණි.
