ඇමරිකානු රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකාවේ සංචාරයකට සුදානම්
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉන්දියාවේ සංචාරයකින් පසු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එළඹෙන ජුනි 24 වන දා ඔහු ඉන්දියාවට පැමිණෙන අතර එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමට ද නියමිත අතර ඉන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණ දේශපාලන නායකයන් මුණ ගැසීමට නියමිතව ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකාවේ සහෝදරත්වය පළ කිරීමට ද මෙම සංචාරයේ අරමුණක් බව සඳහන් වන අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජුනි 24 වන දා සිට 30 වන දා දක්වා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළත් ආසියා පැසිෆික් කලාපීය සංචාරයේ නිරත වන බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
