News

ඇ. ඩොලරය ඉතිහාසයේ ඉහළම විකුණුම් මිල අද වාර්තාකරයි

ඇමෙරිකානු ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වෙමින් විකුණුම් මිල රුපියල් 180.90 දක්වා පහත වැටී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සදහන් කරන පරිදි පසුගිය නොවැමබ්ර් මස 28 වැනිදා ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද රුපියල් 182යි ශත 27ක අගයක් වාර්තා කළා.

ඒ අනුව මේ වන විට ඩොලරයේ විකුණුම් මිල රුපියල් 2කින් පමණ අඩුවී තිබෙනවා.

අද දිනය වන විට ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 176යි ශත 93ක් ලෙස සටහන් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරන්නේ.