ඇල්පිටියට පැමිණිලි 15ක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව ලිඛිත සහ වාචික පැමිණිලි පහළොවක් (15) පමණ මේ වන විට ලැබී ඇතැයි ඇල්පිටිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ, අතිරේක තේරීම් භාර නිලධාරි ජී.සුමේධ පැවසීය. මෙම පැමිණිලි අතරින් ලිඛිත පැමිණිලි ගණන හතක් (07) බවද ඔහු කීවේය.
පැමිණිලි වැඩි වශයෙන් ලැබී ඇත්තේ මැතිවරණයට ඉදිරිපත්වන ප්‍රධාන පක්ෂ තුනට අදාළවය. අනවසරයෙන් දේශපාලන පුවරු ප්‍රදර්ශනය කිරීම, රැස්වීම්වලදී භාණ්ඩ බෙදීම ආදී කාරණා සම්බන්ධව පැමිණිලි මෙලෙස ලැබී තිබේ.
පැමිණිලි ලද විගස එම ස්ථාන පරීක්ෂා කිරීමට කටයුතු කරන බවද මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පවසයි.
සාලිය කුමාර ගුණසේකර
