ඇල්පිටිය ඡන්දය භාවිත කිරීමේ ප්රතිශතය මේ වනවිට 50%ට ආසන්නයි
ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය ප්රකාශ කිරීම මේ වන විට 50% කට අසන්න අගයක් ගන්නා බව ගාල්ල දිස්ත්රික් තේරීම් භාර නිලධාරීවරයා සඳහන් කළේය.
උදෑසන කාලයේ ජනතාවගේ ඡන්දය භාවිතා කිරීම ඉහළ මට්ටමක තිබුණ ද මේ වන විට එය මන්දගාමීව සිදුවන බවයි ඔහු සඳහන් කළ අතර අද උදෑසන 7ට ආරම්භ වූ ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 4 ට අවසන් වීමට නියමිතව ඇත.
එහි අවසන් ඡන්ද ප්රතිපලය අද රාත්රී 10ට පෙර නිකුත් කිරීමට හැකි වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
