නවතම ප්‍රවෘත්ති

ඉඩම් ගැටලුවලට විසදුම් ඉල්ලා කිලිනොච්චියේ විරෝධයක්

සිය ඉඩම් ගැටලුවලට විසදුම් ඉල්ලා කිලිනොච්චිය ශාන්තපුරම් ප්‍රදේශවාසීහු අද (19වැනිදා) විරෝධතාවක නිරත වූහ. ඔවුන් පැවසුවේ කිලිනොච්චිය සිවිල් ආරක්ෂක බලකාය වෙත පවරාගෙන තිබී නිදහස් කළ ඉඩම් නැවත සිවිල් ආරක්ෂක බලකායට පවරා ගැනීමේ සූදානමක් ඇති බැවින් මෙසේ විරෝධතාවයේ නිරත වන බවයි.