ඉදිරි දිනවලදී දිවයින පුරා ශීත කාලගුණ තත්වයක්
ඉදිරි දිනවල දී දිවයින පුරා විශේෂයෙන් උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ බොහෝ පලාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි තත්වයක් ඇති විය හැකි බවත් බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර, පුත්තලම, කෑගල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.