ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අද දිවයිනට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා කළ ආරාධනයකට අනුව වන අතර මැතිවරණයෙන් ජය ලැබූ නරේන්ද්‍ර මෝදි මහතා දෙවන වරටත් එරට අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූ ජනාධිපතිතුමා මෝදි මහතා හමු වී ප්‍රකාශ කර ඇත්තේ අප්‍රේල් 21 වැනි දා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව රටේ ආරක්ෂක තත්ත්වය තහවුරු වී ඇති බව ලොවට විදහාපෑම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසය.
ඒ අනුව අද පෙරවරුවේ දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටුනායක ගුවන්තොටුපොළේදී පිළිගැනීමට නියමිතය.
